...නවතම ලිපිය...

2009/11/18

අපට සිදුවූයේ කුමක්ද?

වසර එක්දහස් අටසියයකට නො වැඩි කාලයක් තුල(ක්‍රි.පූ.300-ක්‍රි.ව.1500) වැව් තිස් හතලිස් දහසක් සහ ස්ථූප දහසක් පමණ බිහි කිරීම සුලු පටු කාර්යයක් නොවේ.නමුත් එසේ කළ ජාතියකට පසුගිය වසර 200ක පමණ කාලයක් මුලුල්ලේම එකදු වැවක් හෝ ඉදිකරගත නොහැකි වීමෙන් (වික්ටෝරියා,රන්ටැඹේ ආදිය හෝ සේනානායක සමුද්‍රය යනු වැව් නොවන බව ඒවා අද පත් ව ඇති තත්ත්වයෙන්ම තේරුම් ගත හැකිය) කියැවෙන්නේ කුමක්ද?මේ වෙනත් ජාතියක ඉරණම නොවේ.කිසිදා සිතා නොබැලුවද අප පත්ව ඇති තත්ත්වය පිළිබඳව තරමක හෝ අවබෝධයක් ඉන් ලැබෙන බව අමුතුවෙන් කිව යුතු නැත.එසේ නම් අපට සිදුවූයේ කුමක්ද?
පසුගිය කාලය තුල අපි කෘෂිකර්මය උදෙසා එතරම් අවධානයක් යොමු නොකළ බව කීමෙන් හෝ අවශ්‍ය භෞතික සම්පත් නොමැති බව කීමෙන් ප්‍රශ්නයෙන් ගැලවී යාමට අපට හැකිද?(මහවැලි ව්‍යාපෘති ආදිය ක්‍රියාත්මක කෙරුණේ අපට ඊට අවශ්‍ය සම්පත් කෙසේ හෝ ලැබුණු බැවිනි).කෙතරම් සම්පත් ලබාදුන්නද අද අපට(අපට කෙසේවෙතත් ඉංජිනේරුවරයෙකුට හෝ)වැවක් ගොඩනැගිය හැකිද?නොහැක්කේ නම් ඒ ඇයි?

2 comments:

Vish said...

basically because now people are more aware of Labour Law and Human Rights.

second one is scarcity of materials.

most important thing is lack of money.
( i'm sorry i don't know to use sinhala codes yet.)

නිරෝධ රණසිංහ said...

ඔබ අදහස් කරන්නේ කම්කරු නීති නිසා අද වන විට වැව් ඉදි කළ නොහැකි බව යන්න නම් එය පුහු තර්කයක් බව අවධාරණය කර සිටිමි.එය තර්කයක් ලෙස ගැනීමට තරම්වත් තාර්කික බවක් නැති අදහසකි.පෞරාණික සිංහල වාරි තාක්ෂණය හා ඒ පදනම් වූ චින්තනය පිළිබඳව ඔබට ප්‍රමාණවත් දැනුමක් නොමැති බව ඉන් හෙළි වේ.
මූල්‍ය පිළිබඳව ඔබේ තර්කය මම ආරම්භයේදීම බිඳ හෙලා ඇත්තෙමි.එබැවින් වඩා සංගතව හා තර්කානුකූලව ඔබේ අදහස් ගොනු කරන්නේ නම් එය අගේ කොට සළකමි...ස්තූතියි..